Skip links

TISL calls for drastic action in the attack on the Judiciary

Transparency International Sri Lanka (TISL) strongly condemns the action by a Cabinet Minister in telephoning and threatening a Magistrate to change a judgement and the subsequent stoning and severely damaging the judicial premises by a group of people. TISL requests His Excellency the President to hold a complete inquiry and take drastic action against the parties concerned.

While stressing that the action by the Minister in continuously intimidating the Magistrate even after he explained that the procedure to change a judicial decision is by appealing to a higher court, clearly demonstrates the level to which the rule of law in the country has deteriorated, TISL reiterates that it is the responsibility of the Executive to preserve the independence of the Judiciary and restore public confidence.

TISL categorically states that in the context of good governance, the Judiciary should not be intimidated in any way by the Legislature or the Executive and appeals to the intellectuals, legal professionals and all citizens who value good governance to join together and protest against this kind of irresponsible actions.

-end-

 

අධිකරණයට බලපෑම්කළ ඇමතිවරයා පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් වෙනස් කරන ලෙස ඉල්ලා කැබිනට් අමාත්‍යවරයෙකු විසින් මහේස්ත්‍රාත්වරයාට දුරකථනයෙන් තර්ජනය කිරීමත් අනතුරුව කලහකාරීන් පිරිසක් විසින් අධිකරණයට ගල් ප්‍රහාර එල්ල කරමින් බරපතල හානි සිදු කිරීමක් බලවත් ලෙස හෙළා දකින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මේ සම්බන්ධයෙන් වහා විධිමත් පරීඬණයක් පවත්වමින් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

අධිකරණ තීන්දුවක් වෙනස් කිරීමට නම් ඉහළ අධිකරණයට යායුතු බව මහේස්ත්‍රාත්වරයා විසින් අමාත්‍යවරයාට පැහැදිළිකරදීමෙන් පසුවද අමාත්‍යවරයා දිගින් දිගටම අධිකරණයට බලපෑම් කිරීම මගින් රටේ නීතිය බිඳවැටී ඇති මට්ටම හොඳින්ම තහවුරු වන බවත්, නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ඇතිකිරීම විධායකයේ වගකීමක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටී.

විධායකය හෝ ව්‍යවස්ථාධායකය විසින් අධිකරණයට බලපෑම් කිරීම යහපාලනයක් තුළ කිසිසේත්ම සිදු නොවිය යුතු තත්ත්වයක් බවද, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍ය පවත්වා ගැනීම වෙනුවෙන් මෙවැනි සිද්ධීන්ට එරෙහිව රටේ බුද්ධිමතුන්, නීති වෘත්තිකයින්, සමඟ යහපාලනය අගයන පුරවැසියන් සියලූ දෙනා ඒකරාශී විය යුතු බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

Leave a comment

This website uses cookies to improve your web experience.