Skip links

TISL ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාතරදී පවත්වන ලදී

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාතරදී පවත්වන ලදී.

ජූනි 24 දින ගල්පමුණ, මාතරදී පවත්වන ලද වැඩසටහනට රජයේ සේවකයින් ඇතුලු 50 දෙනෙක් පමණ සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දීම, RTI අයදුම්පත් පිරවීමේ පුහුණුව සහ සමස්ත ක්‍රියාපටිපාටිය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අමතරව, දූෂණ සහ වංචා වලට එරෙහි වීම පිළිබඳ අවබෝධයක් මෙම සැසිය මගින් ලබා දෙන ලදී.

එසේම, TISL ආයතනය විසින් මීට ඉහතදී පවත්වන ලද RTI සහ අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් වලට පසු විපරම් වැඩසටහන්ද සංවිධානය කරනු ලබයි. එවැනි වැඩසටහනක් මාතර සිවිල් සමාජ සංවිධානවල නායකයින් සඳහා 2023 ජූනි 28 වනදා පවත්වන ලදී.

අල්ලස සහ දූෂණය නිසා ඇති වන ගැටළු සම්බන්ධයෙන් නොමිලේ නීති ආධාර ලබා ගැනීමට, සහ තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු අයදුම් කිරීම ගැන වැඩිදුර කරුණු දැන ගැනීමට අපගේ සුසැරි සෙවන අමතන්න.

කොළඹ කාර්යාලය- 011-2866777/ 0767511503,
මාතර ශාඛා කාර්යාලය 041-2233522/ 0742027788,
වව්නියාව ශාඛා කාර්යාලය 024-2227676/ 0742027787 සහ,
නුවර ශාඛා කාර්යාලය 081-3169 100/ 742027789

 

கடந்த 2023 ஜூன் மாதம் 24ம் மற்றும் 28ம் திகதி, ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா (TISL) நிறுவனமானது தகவல் அறியும் உரிமைச் சட்டம் (RTI) மற்றும் இலஞ்சம், ஊழல் தொடர்பான பொதுமக்கள் விழிப்புணர்வு செயலமர்வுகளை மாத்தறை மாவட்டத்தில் நடாத்தியது.

தகவல் அறியும் உரிமைச் சட்ட அறிமுகம், விண்ணப்பங்களை பூர்த்தி செய்வது தொடர்பான பயிற்சி மற்றும் RTI செயல்முறை தொடர்பான விடயங்கள் மட்டுமின்றி இலஞ்சம் மற்றும் ஊழலுக்கு எதிரான விழிப்புணர்வு தொடர்பிலும் இந்த அமர்வுகளில் கலந்துரையாடப்பட்டன.

இலஞ்சம் மற்றும் ஊழலினால் எதிர்கொள்ளும் பிரச்சினைகளுக்கு இலவச சட்ட ஆலோசனை/ உதவிகளைப் பெற்றுக்கொள்ள மற்றும் தகவல் அறியும் உரிமைச் சட்டத்தினூடாக தகவலுக்காக விண்ணப்பிப்பது தொடர்பில் அறிந்து கொள்ள எமது இலவச சட்ட ஆலோசனை மையங்களை தொடர்பு கொள்ளலாம்.

கொழும்பு – 011-2866777/ 0767511503
வவுனியா – 024-2227676/ 0742027787
மாத்தறை – 041-2233522/ 0742027788
கண்டி – 081-3169 100/ 742027789

 

This website uses cookies to improve your web experience.