This briefing note explores the impact of recent legislative developments on Sri Lanka’s Right to Information (RTI) regime. It analyzes laws passed since 2022, highlighting conflicts and challenges to the RTI Act of 2016. The note categorizes these laws based on their degree of conflict with the RTI regime, ranging from direct violations to potential interpretive issues. Key legislative concerns include the Anti-Corruption Act, Personal Data Protection Act, and Online Safety Act which threaten transparency and accountability through overriding clauses and confidentiality provisions. The note underscores the importance of harmonizing these laws with the RTI Act to safeguard democratic values and citizens’ right to information. Recommendations include fostering public interest tests, amending conflicting legislation, and raising awareness to strengthen the RTI regime while balancing transparency with privacy and security needs.
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නීති තන්ත්රය කෙරෙහි බලපෑමක් ඇතිකරන නීති
මෑත කාලීනව සිදු කළ නීති වෙනස්කම් මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදු වන බලපෑම මෙම කෙටි සටහන මගින් අධ්‍යයනය කරයි. 2022 සිට සම්මත කරන ලද නීති විශ්ලේෂණය කරමින්, ඒවා 2016 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට ඇති කරන ගැටුම් සහ අභියෝග මෙමගින් පෙන්වා දෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සෘජුව උල්ලංඝනය වන අවස්ථාවන්හි සිට නීති අර්ථකථන හරහා ගැටුම් ඇති විය හැකි අවස්ථාවන් දක්වා මෙම නීති වර්ගීකරණය කිරීම මෙම අධ්‍යයන සටහන මගින් සිදු කර ඇත. මෙහිදී මතු කර ඇති ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයන් අතර දූෂණ විරෝධී පනත, පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යනාදියෙහි ඇතුළත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අභිබවා යන වගන්ති සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සම්බන්ධ ප්‍රතිපාදන වේ. ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සමඟ මෙම නීති සමපාත කිරීමේ වැදගත්කම මෙම සටහන මගින් අවධාරනය කරයි. පොදු යහපත උදෙසා තොරතුරු හෙළිදරව් කිරීම දිරිමත් කිරීම, පරස්පර විරෝධී නීති සංශෝධනය කිරීම, විනිවිදභාවය සමඟ පෞද්ගලිකත්වය සහ ආරක්ෂක අවශ්‍යතා සමබර කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීති තන්ත්රය ශක්තිමත් කිරීම සඳහා දැනුම්වත් කිරීම් සිදු කිරීම මෙහි සඳහන් නිර්දේශවල ඇතුළත් වේ.