Skip links

Historic First by 5 MPs – Asset Declarations made Public

01.03.2019 – UPDATE – Ranjan Ramanayake Joins First 5 MPs by making Asset Declaration Public


 

A group of 5 members of parliament from across party lines came together today to publish their declarations of assets and liabilities in the public domain. The five MP’s who came forward to take this step towards changing the political culture of the country were, Hon. Tharaka Balasuriya, Hon. Vasudeva Nanayakkara, Hon. M.A. Sumanthiran, Hon. Vidura Wickramanayake and State Minister Hon. Eran Wickramaratne.

Transparency International Sri Lanka has campaigned for many years to bring this information into the public domain, believing that greater openness by public representatives increases trust and ensures stronger accountability. The asset declarations can be accessed on www.tisrilanka.org/MPassets

Speaking at this historic occasion, TISL’s Executive Director Asoka Obeyesekere said, “We commend the bold step taken by the five members of parliament to submit their asset declarations to the people. Whilst this marks a significant milestone in the campaign to bring politicians’ asset declarations into the public domain, we also hope that this step will encourage other public representatives to recognise the unquestionable public interest that is served by disclosing this information”

Obeyesekere added, “This will help open Parliament to the people and promote a culture of transparency and accountability, further bridging the gap between the people and their representatives. It has been TISL’s longstanding position that putting information in the hands of the people is the key to enhancing governance in Sri Lanka”.

 

වත්කම් බැරකම් ප්‍රකාශ ජනසතු කිරීම – පාර්ලිමේන්තු මන්ත්‍රීන් පස් දෙනෙකුගෙන් ඓතිහාසික පියවරක්

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පස් දෙනෙකුගෙන් (05) සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් අද දින තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමට පියවර ගත්හ. මෙසේ ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීම උදෙසා පෙරටුගාමීව අත්වැල් බැඳගත් පාර්ලිමේන්තු නියෝජිතයන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තාරක බාලසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විදුර වික්‍රමනායක සහ රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න වේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වසර ගණනාවක් පුරාවට මෙම තොරතුරු ජනසතු කිරීම දිරි ගැන්වීමේ ව්‍යාපාරයේ නිරතවී සිටි අතර, එම ආයතනය විශ්වාස කරන්නේ, මහජන නියෝජිතයන් වැඩි විවෘතභාවයකින් යුතුව ක්‍රියාකිරීම හරහා, ජනතාව විසින් මහජන නියෝජිතයන් කෙරෙහි දක්වන විශ්වාසය ඉහළ නංවා ජනතාව කෙරෙහි මහජන නියෝජිතයන් දක්වන වගවීම ද සුරක්ෂිත වන බවයි. වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට පහත දැක්වෙන දිගුව වෙත පිවිසෙන්න.

www.tisrilanka.org/MPassets

මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳ සිය අදහස් දක්වමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ පැවසුවේය. “තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාව අතට පත් කරන්නට මෙම පාර්ලිමේන්තු නියෝජිතයන් පස් දෙනා විසින් ගනු ලැබූ නිර්භීත පියවර අපගේ ප්‍රශංසාවට ලක්වෙනවා.මෙම අවස්ථාව,දේශපාලනඥයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමේ ව්‍යාපාරයේ සුවිශේෂී මං සළකුණක්.මෙය ආදර්ශයට ගනිමින් සෙසු සියලු ජනතා නියෝජිතයන් ද, තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාව අතට පත් කර, නිසැක වශයෙන්ම තහවුරු කළ යුතු මහජන යහපත වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි”.

තව දුරටත් අදහස් දක්වමින් ඔබේසේකර මහතා පවසා සිටියේ, මෙම පියවර, පාර්ලිමේන්තුව මහජනතාව වෙත විවෘත කිරීමට, විනිවිදභාවය සහ වගවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයන් අතර පවත්නා දුරස්ථභාවය දුරලීමට ද හේතු වෙන අතර මහජනතාව අතට තොරතුරු පත් කිරීම මඟින්, පාලනය වඩාත් යහපත් ලෙස වැඩි දියුණු කිරීමේ හැකියාව ඇති කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය දිගුකාලින වශයෙන් දැරූ ස්ථාවරය බවයි.

 

வரலாற்றில் முதன்முறையாக 5 பாராளுமன்ற உறுப்பினர்கள் தமது சொத்து விபரங்களை வெளிப்படுத்துகிறார்கள்

பல்வேறு கட்சிகளைச் சேர்ந்த 5 பாராளுமன்ற உறுப்பினர்கள் தமது சொத்துக்கள் மற்றும் பொறுப்புக்கள் பற்றிய விபரங்களை பொது வெளியில் வெளிப்படுத்துவதற்கு தன்னிச்சையாக முன்வந்துள்ளனர். நாட்டின் அரசியல் கலாச்சாரத்தை மாற்றுவதற்காக முன்வந்துள்ள பாராளுமன்ற உறுப்பினர்கள் கௌரவ தாரக பாலசூரிய, கௌரவ வாசுதேவ நாணயக்கார, கௌரவ எம்.ஏ. சுமந்திரன், கௌரவ விதுர விக்கிரமநாயக்க மற்றும் அமைச்சர் கௌரவ எரான் விக்கிரமரத்ன.

ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் கடந்த பல ஆண்டுகளாக சொத்துக்கள் பற்றிய விபரங்களை பொது வெளியில் கொண்டுவருவதற்கான பிரச்சாரங்களை மேற்கொண்டது. பிரதிநிதிகளின் வெளிப்படைத்தன்மையையும் பொறுப்புக்கூறலையும் திடமாக நிச்சயப்படுத்துவதற்கு ஏதுவாக அமையும். வெளிப்படுத்தப்பட்ட சொத்து விபரங்களை www.tisrilanka.org/MPassets இல் பார்வையிடலாம்.

இவ்வரலாற்று நிகழ்வில் உரையாற்றி ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் நிறைவேற்றுப் பணிப்பாளர் அசோக்க ஒபேசேக்கர தமது சொத்துக்கள் பற்றிய விபரங்களை பொதுமக்களுக்கு வெளிப்படுத்துவதற்காக முன்வந்த 5 பாராளுமன்ற உறுப்பினர்களையும் வரவேற்பதுடன் அரசியல்வாதிகளின் சொத்துவிபரங்களை பொதுத்தளத்தில் வெளியிடுமாறு கோரி மேற்கொண்ட பிரச்சாரத்தின் மைல்கல்லாக கருதுகின்றோம். குறிந்த இந்த செயற்பாடானது ஏனைய மக்கள் பிரதிநிதிகளையும் தமது சொத்து விபரங்களை வெளிப்படுத்துவதற்கு ஊக்குவிப்பதுடன் கேள்விகள் இன்றி பொது நலன் என்ற அடிப்படையில் தகவல்களை வழங்குவது அவசியம் என குறிப்பிட்டார்.

ஒபேசேக்கர இது தொடர்பாக மேலும் கூறுகையில் இது வெளிப்படையான பாராளுமன்றத்தை காட்டுவதுடன் வெளிப்படைத்தன்மை மற்றும் பொறுப்புக்கூறலை வலுப்படுத்துவதாகவும் அமைவதுடன் மக்களுக்கும் மக்கள் பிரதிநிதிகளுக்குமிடையிலான இடைவெளியைக் குறைக்கும். தகவல்கள் பொதுமக்களின் கரங்களில் சென்றால் நல்லாட்சியின் திறவுகேளாகும் என்பதுடன் ட்ரான்ஸ்பேரன்சி இன்டெர்னஷனலின் நீண்டகால நிலைப்பாடும் இதுவேயாகும்.

Leave a comment

This website uses cookies to improve your web experience.