Skip links

Hand Book for Government Investigation Officers

රාජ්‍ය සේවය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීමට නම් මහජනතාවට සංවේදී වූ පරිපාලන ක්‍රමයක් ස්ථාපිත විය යුතුය. ඒ සඳහා විමර්ශන ක්‍රියාවලියට කළ හැක්කේ සුවිශේෂී දායකත්වයකි. නිරන්තර හා අපක්ෂපාතී විමර්ශනය යහපත් ආයතනික සංස්කෘතියක් රාජ්‍ය ආයතන තුළ ගොඩ නැංවීමට ඉවහල් වනු ඇත. මෙය රාජ්‍ය අංශයේ යහ පාලනය තහවුරු කිරීමටත්, ඒ තුළින් ප්‍රශස්ථ රාජ්‍ය සේවාවක් බිහි කර ජනතාවට තෘප්තිමත් ජීවන තත්වයක් සහතික කිරීමටත් දායක වනු ඇත. එවන් සුවිශේෂී කාර්යභාරයක නිරත වන විමර්ශන නිලධාරීන්ට සිය රාජකාරියේ වගකීම් හා ක්‍රමවේද පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, ඉහළ ගුණත්වයෙන් යුත් වෘත්තීය මට්ටමේ විමර්ශන ක්‍රියාවලියක් රාජ්‍ය අංශය තුළ ගොඩ නැංවීමටත් මෙම ග්‍රන්ථය අත්වැලක් වනු ඇත.

Download: 

This website uses cookies to improve your web experience.