Skip links

GOVERNMENT CORRUPTION – STORY BOOK

අපේ රාජ්ජේ – අදුරු අහුමුලු

රටක රාජ්‍ය ආයතන පද්ධතියෙහි ක‍්‍රියාකාරීත්වයෙන් ඒ රටෙහි තරම තීරණය කළ හැකිය. ආයතන පද්ධතිය කාර්යක්ෂම නම් ඒ රටෙහි රාජ්‍ය කාර්යක්ෂමය. යහපත් නම් ඒ රාජ්‍ය යහපත්ය. දූෂිත නම් ඒ රාජ්‍ය දූෂිතය. එනයින් ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතිය දෙස බලන විට අපට දක්නට ලැබෙන්නේ කෙබදු රාජ්‍යයක් දැයි මෙහි පළ කෙරෙන ලිපි පෙළ හැදැරීමෙන් ඔබටම තීරණය කළ හැකිය.

කොළඹ මහ නගර සභාවේ ටෙන්ඩර් කමිටුවකට සහභාගී වී කිසිදු අදහසක් නොදක්වා හිස වැනීමෙන් පමණක් ලක්ෂ හැත්තෑවක් ඉපැයූ මන්ත‍්‍රීවරුන් ගැන කතා ඔබට කියවීමට ලැබේ. වැඩි දුරටත් කියවන විට පොදු මගී ප‍්‍රවාහන සේවයෙහි සේවා ලාභීහු මෙන්ම සේවකයෝ ද සිටින්නේ නොසතුටින් බවත් ඊට හේතුව දෘශ්‍ය බවත් ඔබට වැටහේ. ඒ හැරුණු විට සෞඛ්‍ය අමාත්‍යාංශය
දූෂිතම අමාත්‍යාංශයක් බව කියන්නේ රටේ ජනාධිපතිවරයාමය. නිසි මග යමින් රියදුරු බලපත් අයදුම් කරන අයදුම් කරුවන් දූෂිත මගට යොමු කිරීම පරීක්ෂකවරුන්ගේ රාජකාරියේ කොටසක් වී තිබේ. දූෂණයේ අයන්න රටටම කියා දෙන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙනි. ආගමනය සහ විගමනය දුසැරි චාරිකාවන්ගෙන් දූෂිත වී තිබේ. අගුරු කකා වතුර බි බී කොළඹ දිවූ යකඩ යකා අද ජරාවම කකා බි බී ජරාවෙහිම ගිලී ජරාවටම යන ජරාජීර්ණ සේවාවක් බවට පත් වෙමින් තිබේ.

මේ අප රටෙහි රාජ්‍ය ආයතන පද්ධතියෙන් කොටසක තතු පමණි. සමස්තය බලන විට තවත් බිහිසුණුය. මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ අපේ රටෙහි රාජ්‍යයේ ස්වභාවය බව අප වටහා ගත යුතුව ඇත. එබදු රටක වාසය කරන පුරවැසියන් ලෙස මේ වනාහි තවදුරටත් අප ඉවසා සිටිය යුතු තත්ත්වයක් නොවේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇතුඵ මූලික ප‍්‍රතිසංස්කරණ මගින් දැනටමත් අපි මේ තත්ත්වය වෙනස් කිරීමට මුල පිරීමක් කර ඇත්තෙමු. තවදුරටත් ඒ වෙනස්කම් ඉදිරියට ගෙන යමින් මේ දේශයෙහි ගෞරවනීය රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සද්කාර්යයට දායක වීම අද යුගයේ ප‍්‍රමුඛ කාර්යය භාරයක් බව මේ ලිපි පෙළ හඩගා කියයි.

Download: 

This website uses cookies to improve your web experience.