Skip links

‘වඩා හොඳ මහජන සේවයක් සඳහා වූ මාර්ග සිතියම’- රත්නපුර පුහුණු වැඩමුළුව

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සමඟ එක්ව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සහ එම දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සඳහා ‘වඩා හොඳ මහජන සේවයක් සඳහා වූ මාර්ග සිතියම’ යන මැයින් වූ පුහුණු වැඩමුළුවක්, පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී අතිරේක දිස්ත්‍රික් ලේකම් බී.ටී.ජී. අයි.කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සාමාන්‍ය ජනතාවට වඩා හොඳ සේවාවක් ලබා දීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දිවයින පුරා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් සවිබල ගැන්වීම සහ දැනුම්වත් කිරීම සඳහා පවත්වන එක්දින පුහුණු වැඩමුළු මාලාවේ කොටසක් ලෙස මෙය පැවැත්විනි. සුපිළිපන්නතාව, වගවීම, විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යමින් රාජ්‍ය සේවය ලබා දීමේ වැදගත්කම ඔවුන්ට මෙම වැඩමුළුවේදී පෙන්වා දෙන ලදී.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී. ඒ. ඩී. ඩී. ඩබ්ලිව්. සිරිවර්ධන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් එච්. ඒ. ජී. නිසංසලා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජයසිංහ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරි එම්. ඒ. ආර්. දිල්ශානි සහ TISL ආයතනයේ වැඩසටහන් කළමණාකාරිනි (දේශපාලන අංශය) පියුමි මධුෂානි මෙම පුහුණු සැසිය මෙහෙයවන ලදී.

රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම තුළින් මහජන ප්‍රසාදය දිනා ගැනීම සඳහා වන ප්‍රායෝගික උපාය මාර්ග පිළිබඳ ප්‍රවීණයන්ගේ දැනුම බෙදා හදා ගැනීම මෙම සැසියේදී සිදු විය.

ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா (TISL) நிறுவனத்துடன் இணைந்து
உள்நாட்டு அலுவல்கள் அமைச்சு மற்றும் இலஞ்சம் மற்றும் ஊழல் விசாரணை ஆணைக்குழுவானது இரத்தினபுரி மாவட்ட செயலகம் மற்றும் பிரதேச செயலக அதிகாரிகளுக்கான பயிற்சிப்பட்டறை ஒன்றை இரத்தினபுரி மாவட்ட செயலக கேட்போர் கூடத்தில் அண்மையில் நடாத்தியது.

நேர்மைத்திறன், பொறுப்புக்கூறல், வெளிப்படைத்தன்மை மற்றும் வினைத்திறன் ஆகியவற்றை முறையாக பேணி சிறந்த பொதுச் சேவையினை மக்களுக்கு வழங்கும் நோக்கில் நாடளாவிய ரீதியில் மாவட்ட மற்றும் பிரதேச செயலகங்களின் சிரேஷ்ட நிர்வாக ஊழியர்களை வலுப்படுத்தல் மற்றும் தெளிவூட்டல் தொடர்பான இந்த பயிற்சிப் பட்டறையானது “சிறந்த சேவை வழங்களுக்கான வழிமுறை” எனும் தொனிப்பொருளின் கீழ் இடம்பெற்றது.

மேலதிக மாவட்ட செயலாளர் பி.டி.ஜி.ஐ.கருணாரத்ன தலைமையில் இடம்பெற்ற இந்த பயிற்சிப் பட்டறையில், பி.ஏ.டி.டி.டபிள்யூ.சிறிவர்தன (சிரேஷ்ட உதவிச் செயலாளர்- உள்நாட்டு அலுவல்கள் அமைச்சு), எச்.ஏ.ஜி.நிசன்சலா (உதவிச் செயலாளர் – உள்நாட்டு அலுவல்கள் அமைச்சு), ஏ.ஜெயசிங்க (உதவிப் பணிப்பாளர் நாயகம்) CIABOC), M. A. R. தில்ஷானி (விசாரணை அதிகாரி – CIABOC) மற்றும் பியூமி மதுஷானி (திட்ட முகாமையாளர், அரசியல் துறை, TISL) ஆகியோர் பயிற்சி வளவாளர்களாக செயற்பட்டனர்.

இப்பயிற்சியானது, பொது மக்களின் முறைப்பாடுகளின் எண்ணிக்கையைக் குறைத்து, அரச சேவைகளின் செயல்திறன் மற்றும் வெளிப்படைத்தன்மையை அதிகரிப்பதன் மூலம் பொதுமக்களின் ஆதரவைப் பெறுவதற்கான நடைமுறை உத்திகள் குறித்து வளவாளர்களின் அனுபவங்களையும் அறிவையும் பகிர்ந்து கொள்ளும் நிகழ்வாக அமைந்தது.

This website uses cookies to improve your web experience.