Skip links

අපරාධයන්ගෙන් උපයාගත් දේපළ පිළිබද නීතිය කවුරුන් වෙනුවෙන්ද? කුමක් සදහාද?

ශ්‍රී  ලංකාවේ  ඕනෑම රජයක් බලයට පත් වීමට පෙර දෙනු ලබන ඉතා ජනප්‍රිය  දේශපාලන පොරොන්දුවකි ”හොරු ඇල්ලීම සහ හොරකම වංචාව තුරන් කිරීමයි”. මෙය සෑම සංවර්ධනය වෙමින් පවතින රටකම දේශපාලන සංදර්භය තුළ දක්නට ලැබෙන ලක්ෂණයකි. කෙසේ වුවද ගෝලීය දේශපාලනය තුළ බොහොමයක් තුන්වන ලෝකයේ රටවල් ආර්ථිකව සහ සාමාජීය වශයෙන් ආගාධයට යෑමට මූලිකම හේතුව මහා පරිමාණ දුෂණ  වංචා හා මුදල් විශුද්ධිකරණය බව එම රටවල් පිළිබද අධ්‍යනයේදී පෙනී යයි.

රටේ දේශපාලඥයින් හෝ රාජ්‍ය නිළධාරීන් මහජන බදු මුදල් වංචා කිරීම අපරාධයකි. මෙම අපරාධයන්ගෙන් උපයා ගත් දේපළ ඔවුන් බොහෝ විට රටෙන් බැහැර කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එක්තරා කාල වකවානුවක අපේ රටේ ජනප‍්‍රිය මාතෘකාවක් ව පැවති ”ස්විස් බැංකු ගිණුම්” පිළිබ`ද කතාව අදාළ වන්නේ මෙතැනදීය. සොරකම් කරන ලද මහජන මුදල් රටින් පිට කිරීමත්,ඒවා පිටරට මූල්‍ය ආයතනයන් හි තැන්පත් කිරීමත් මෙම අපරාධයන්ගෙන් ගැලවී සිටීමට යොදාගනු ලබන පහසුම උපාය මාර්ගයයි. ස්විස් බැංකු ගිණුම් වල මෙම මුදල් තැන්පත් කිරීම අප රටේද කතා බහට ලක් වූ ජනප‍්‍රිය උපාය මාර්ගයකි.

එක්සත් ජාතීන්ගේ දුෂණය  පිටු දැකීමේ සම්මුතියට (UNCAC) ශ‍්‍රී ලංකාව ගිවිසුම්ගත වී ඇතත් මහා පරිමාණ දුෂණ හා වංචා පිටුදැකීමටත් එම දුෂණ වංචා හරහා රටට අහිමිවන ධනය නැවත ලබා ගැනීමේ නීතිමය පසුබිමක් මේ වන තෙක් ශ‍්‍රී ලංකාව සතුව නැත්තේය.¥ෂිත දේශපාලන හස්තය හා සමහර ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිළධාරීන් විසින් මහජන දේපළ හරහා මුදල් සූරා කෑමත් එම දේපළ විදේශ ගිණුම්වල තැන්පත් කිරීමත් හේතුවෙන් ශී‍්‍ර ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්කර ඇත.

වර්ෂ 2015 දී,අපරාධයන් තුළින් රටට අහිමිවන දේපළ පිළිබ`දවත් රටේ මහජන බදු මුදලින් සොරාගත් දේපළ සම්බන්ධයෙනුත් විමර්ශණය කිරීමට,හඳුනා ගැනීමට, අනාවරණය කිරීමට අත්පත් කර ගැනීමට හා සොරාගත් වත්කම් නැවත ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමට ”වත්කම් නැවත ලබා ගැනීමේ විශේෂ ජනාධිපති කාර්යය බලකාය (START)” ආයතනය පිහිටුවනු ලැබූ අතර අපරාධයකින් උපයාගන්නා ලද දේපළ පිළිබ`දව ප‍්‍රතිපත්තිමය රාමුවක් සැකසීම ස`දහා කමිටුවක් 2018 වර්ෂයේදි පත් කරන ලදී. මෙම කමිටුව ම`ගින් 2018 වර්ෂය අවසාන වන විට අපරාධයන්ගෙන් උපයාගත් දේපළ සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය රාමුවක් සකසා එය නීතියක් බවට පත් කිරීමේ කාර්යය උදෙසා එවකට හිටපු ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදී.

මෙම ප‍්‍රතිපත්ති රාමුව සැකසීමට අවශ්‍ය පසුබිම සැකසුනේ 2015 වර්ෂයේ ශී‍්‍ර ලංකාව සහභාගී වූ ලන්ඩන් හි පැවති දුෂණ විරෝධී සමු`ථවේදී හා 2017 දී පැවැත් වූ වත්කම් නැවත ලබා ගැනීම පිළිබ`ද ගෝලීය සංසදයේදී (GFAR) සොරා ගන්නා ලද වත්කම් නැවත රට තුළට ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව, තමා සතුව ඇති වගකීම පිළිබ`දව කරන ලද අවධාරණය මගිනි. එ් අනුව, මෙම අපරාධයකින් බැහැර වූ දේපළ පිළිබ`ද යෝජිත නීතිය ම`ගින් ආවරණය වන්නේ රටේ මහජන බදු මුදලින් වංචා කරන ලද රටට අහිමි කරන දේපළ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට අත්පත් කර ගැනීමට හා සොරාගත් වත්කම් නැවත ශ‍්‍රී ලංකාවට ලබා ගැනීමටයි. මන්ද යත්, එසේ වංචා කරනු ලැබ ඇත්තේ රටේ සංවර්ධනයට යොදාගත යුතුව පවතින මුදල් වන හෙයිනි. තව දුරටත් මෙම යෝජිත නීතිය ම`ගින් ප‍්‍රධාන වශයෙන් අරමුණු කරනු ලබන්නේ අපරාධවලින් අයුතු ලෙස උපයාගත් වත්කම් එම අපරාධකරුවන්ට අහිමි කිරීම,අපරාධවල වින්දිතයින්ට වන්දි ගෙවීම,ත‍්‍රස්තවාදය සහ ආර්ථික අපරාධ ඇතුලු  සංවිධානාත්මක් අපරාධ දුර්වල කිරීම,අපරාධවලින් උපයා ගත් දේපළ ආපසු ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය කිරිම,රාජ්‍යයේ සමාජයේ සහ අපරාධවල වින්දිතයින්ගේ යහපත උදෙසා අත්පත් කරගත් හෝ රාජසන්තක කරන ලද වත්කම්වල වටිනාකම් ආරක්ෂා කිරීමයි.

ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම නීතිය හුදෙක් රටට අහිමි කරන ලද ධනය නැවත රට තුළට ලබා ගැනීම සදහාම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් එම දේපළ වල වටිනාකම් හා ආරක්ෂාව වැඩිදුරටත් තහවුරු කිරීමත්, එසේ නැවත අත්පත් කරගන්නා දේපළ රටේ පොදු පහසුකම් සංවර්ධනයට යොදා ගන්නා බවට සහතික වීමත්, එම ක‍්‍රියාවලීන් හි විනිවිදබාවය සහතික වීමත් අරමුණු කරයි.

දුෂණය හා දේශපාලනය තදින් එකට බැ`දී පවතින ශී‍්‍ර ලංකාව වැනි රටකට මෙවැනි නීතියක් ගෙන ඒමට නම්, දැඩි සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. දුෂණයේ අවසන් අනිටු විපාක අත්විදීමට සිදුවන්නේ සිවිල් සමාජය වෙතටයි. දුෂණය තුළින් රටට ධනය අහිමිවීමෙන් සැබවින්ම අහිමි කර ඇත්තේ බදු මුදල් ගෙවා තමාට ලැබිය යුතු සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් ඇතුලු  මහජන මූලික අවශ්‍යතාවයන්ය. අපරාධයන්ගෙන් උපයාගත් දේපළ පිළිබද නීතිමය රාමුව සාමාන්‍ය ජනතාවට වඩාත් වැදගත් වන්නේ එම නිසාය.

-සයුරි කංකානම් මානගේ-

Leave a comment

This website uses cookies to improve your web experience.