Skip links

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සහ අල්ලස සහ දූෂණයට එරෙහි වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පහක් ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වල ජූලි 14, 15, 25 සහ 26 යන දින වලදී පවත්වන ලදී.

ඇල්පිටිය ප්‍රදේශයේ සිවිල් සමාජ නායකයින්ගේ විශේෂ ඉල්ලීම මත ජූලි 14 සහ 15 පැවති වැඩසටහන් ත්‍රිත්වයට 120 දෙනෙක් පමණ සහභාගී වූහ. නිල්වැල්ල ප්‍රදේශයේ ප්‍රජාව සඳහා ජූලි 25 පැවැති වැඩසටහනට 79 දෙනෙක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ තරුණයින් සඳහා ජූලි 26 පැවති වැඩසටහනට 45 දෙනෙක් ද සහභාගී වූහ.

තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දීම, RTI අයදුම්පත් පිරවීමේ පුහුණුව සහ සමස්ත ක්‍රියාපටිපාටිය පිළිබඳ අවබෝධයක් ලබා දීමට අමතරව, දූෂණ සහ වංචා වලට එරෙහි වීම සහ එවැනි අවස්ථාවල ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් මෙම සැසි මගින් ලබා දෙන ලදී.
මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් වලට පසු විපරම් වැඩසටහන්ද TISL ආයතයන විසින් ඉදිරියේදී සංවිධානය කරනු ඇත.

අල්ලස සහ දූෂණය නිසා ඇති වන ගැටළු සම්බන්ධයෙන් නොමිලේ නීති ආධාර ලබා ගැනීමට, සහ තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු අයදුම් කිරීම ගැන වැඩිදුර කරුණු දැන ගැනීමට අපගේ සුසැරි සෙවන අමතන්න.
කොළඹ කාර්යාලය- 011-2866777/ 0767511503,
මාතර ශාඛා කාර්යාලය 041-2233522/ 0742027788,
වව්නියාව ශාඛා කාර්යාලය 024-2227676/ 0742027787 සහ,
මහනුවර ශාඛා කාර්යාලය 081-3169 100/ 742027789

 

ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா (TISL) நிறுவனமானது கடந்த ஜூலை மாதம் 14,15,25 மற்றும் 26ம் திகதிகளில் தகவல் அறியும் உரிமைச் சட்டம் (RTI) மற்றும் இலஞ்சம் மற்றும் ஊழலுக்கு எதிரான விழிப்புணர்வு அமர்வுகளை காலி, மாத்தறை மற்றும் புத்தளம் மாவட்டங்களில் நடாத்தியது.

எல்பிட்டிய பிரதேச சிவில் சமூகத் தலைவர்களின் விசேட வேண்டுகோளுக்கு அமைய ஜூலை மாதம் 14 மற்றும் 15ம் திகதிகளில் இடம்பெற்ற அமர்வுகளில் சுமார் 120 பேர் கலந்துகொண்டனர். நில்வெல்ல பிரதேச மக்களுக்கான அமர்வில் சுமார் 79 பேரும் புத்தளம் மாவட்ட இளைஞர்களுக்கான அமர்வில் 45 பேரும் கலந்துகொண்டனர். இந்த அமர்வுகளில் தகவல் அறியும் உரிமைச் சட்டம் தொடர்பான அறிமுகம், விண்ணப்பத்தினை பூர்த்தி செய்யும் படிமுறை, அதன் பின்னரான செயல்முறைகள் மற்றும் இலஞ்சம் அல்லது ஊழல் செயற்பாடுகள் இடம்பெறும் போது நாம் மேற்கொள்ள வேண்டிய நடவடிக்கைகள் என்பன தொடர்பில் கலந்துரையாடப்பட்டன.

இலஞ்சம் மற்றும் ஊழலினால் எதிர்கொள்ளும் பிரச்சினைகளுக்கு இலவச சட்ட ஆலோசனை/ உதவிகளைப் பெற்றுக்கொள்ள மற்றும் தகவல் அறியும் உரிமைச் சட்டத்தினூடாக தகவலுக்காக விண்ணப்பிப்பது தொடர்பில் அறிந்து கொள்ள எமது இலவச சட்ட ஆலோசனை மையங்களை தொடர்பு கொள்ளலாம்.

கொழும்பு – 011-2866777/ 0767511503
வவுனியா – 024-2227676/ 0742027787
மாத்தறை – 041-2233522/ 0742027788
கண்டி – 081-3169 100/ 742027789

This website uses cookies to improve your web experience.