Skip links

CPI Index 2018 – Anti-Corruption Stagnant; Political Expedience a Risk 

Sri Lanka has failed to show progress on the 2018 Corruption Perceptions Index (CPI), compiled by Transparency International (TI), the global coalition against corruption. Sri Lanka has scored 38 on the CPI 2018 retaining the same score from 2017; on a scale of 0 (highly corrupt) to 100 (very clean). Sri Lanka is ranked 89th in the world and 3rd in South Asia, behind Bhutan (25th) and India (78th). The CPI performance of Sri Lanka underscores its stagnant anti-corruption environment, which has seen the country’s CPI score fluctuate between 36 and 38 since 2013, despite the anti-corruption mandate provided to the government.  

Speaking on Sri Lanka’s performance on the CPI 2018, Transparency International Sri Lanka’s Executive Director Asoka Obeyesekere said, “It is important to note that the CPI deals with perceived levels of public sector corruption and as such the existence of a legislative framework, without the will or operational ability to ensure timely justice, reflects on Sri Lanka’s clear lack of progress to date. However, with the likely conclusion of several high-profile corruption cases in 2019, it is essential that all authorities uphold their impartiality and independence. If the application of the law is interpreted as selective or politically motivated, it could prove detrimental to the anti-corruption drive and the justice system”. 

Transparency International noted that a cross analysis with global democracy data reveals a link between corruption and the health of democracies. Full democracies score an average of 75 on the CPI; flawed democracies score an average of 49; hybrid regimes – which show elements of autocratic tendencies – score 35; autocratic regimes perform worst, with an average score of just 30 on the CPI. Sri Lanka’s CPI score suggests that it falls between a flawed democracy and a hybrid regime.  

To make real progress against corruption and strengthen democracy around the world, Transparency International calls on all governments to: 

  • strengthen the institutions responsible for maintaining checks and balances over political power, and ensure their ability to operate without intimidation;
  • close the implementation gap between anti-corruption legislation, practice and enforcement;
  • support civil societyorganisationswhich enhance political engagement and public oversight over government spending, particularly at the local level;  
  • support a free and independent media and ensure the safety of journalists and their ability to work without intimidation or harassment.

The 2018 CPI is computed using 13 surveys and expert assessments to measure public sector corruption in 180 countries and territories. Denmark and New Zealand are ranked 1st and 2nd respectively with scores of 88 and 87, with Somalia coming in last at 180th with a score of 10. 

FOR MORE INFORMATION: https://www.transparency.org/news/pressrelease/corruption_perceptions_index_2018

 

________________________

 

2018 ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් දුෂණ සංජානන දර්ශකය – දේශපාලන බලපෑම් හේතුවෙන් දූෂණ විරෝධී යාන්ත්‍රනය අඩපණ වීමේ අවදානමක

දූෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ද පැහැදිළි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත. දූෂණ  සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින්ම දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව 38 ක අගයක් හිමි කරගෙන රටවල් 180 අතරින් අසු නව වන (89) ස්ථානයේ පසු වෙයි..දකුණු ආසියාතික රටවල් අතරින් තුන් වන (03) ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතත් එය පසුවන්නේ පිළිවෙලින් ලෝකයේ විසි පස්වන (25) සහ හැත්තෑ අට වන (78) ස්ථාන හිමිකර ගන්නට සමත් වූ භූතානය සහ ඉන්දියාවට පසුපසිනි. ඒ අනුව, 2013 වසරේ සිට 36 සහ 38 යන අගයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළබිඹු වන්නේ, ආණ්ඩුව විසින් පොරොන්දු  ප්‍රකාර ලෙස දූෂණයට එරෙහිව සටන් වදින බව පවසමින් ලබා ගත් ජන වරමට සහ බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී ප්‍රතිපත්ති වලට පටහැණිව, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී යාන්ත්‍රනය එක තැන පල් වෙන තත්වයකට පත්ව ඇති බවයි.

ශ්‍රී ලංකාව, දූෂණ සංජානන දර්ශකයේ ලබා තිබෙන අගය පිළිබඳ අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.“ දූෂණ සංජානන දර්ශකය හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දූෂණ බව වටහා ගැනීම අතිශයින් වැදගත්. ව්‍යවස්ථාවෙන් සම්පාදිත නීතිමය රාමුවට අනුව නිසි කලට සහ නිසි ආකාරයට දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම,  රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද වන තුරුත් ප්‍රගතියක් අත් කර නොගැනීමට හේතු වී තිබෙනවා”. තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කර සිටියේය. “2019 වසරේ දී, ඉහළ පෙලේ දූෂණ නඩු කිහිපයක අවසාන නිගමන ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. නමුත් ඒ සඳහා බලධාරීන් අපක්ෂපාතීව සහ ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. නීතිය ක්‍රියාත්මක වීම තෝරාගත් පිරිසකට හෝ දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සිදුවන්නේ නම්, එය දූෂණ විරෝධී යාන්ත්‍රනයට සහ අධිකරණ පද්ධතියට දැඩි ලෙස හානිකර විය හැකියි”.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය  දක්වන ආකාරයට, රටක පවත්නා දූෂණ මට්ටමේ තරම සහ එම රට කොපමණ මට්ටමකට ප්‍රජාතන්ත්‍රවාදීද යන්න අතර සම්බන්ධතාවයක් පවතී. එම ආයතනය දක්වන ආකාරයට, පූර්ණ  ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, දූෂණ සංජානන දර්ශකයේ ලබන සාමාන්‍ය අගය 75 වන අතර දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලබා ගන්නා සාමාන්‍ය අගය 45ක් ලෙස වාර්තා වේ. ප්‍රජාතන්ත්‍රවාදී එහෙත් ඒකාධිපති ප්‍රවණතා සහිත දෙමුහුන් රාජ්‍යයන් වල සාමාන්‍ය අගය 35 වන අතර අවම සාමාන්‍ය අගයක් සහිතව නරකම තත්වයෙන් පසුවන්නේ ඒකාධිපති පාලනය සහිත රටවල් වේ. එම රට වල සාමාන්‍ය අගය 30 ලෙස දැක්වේ. ඒ අනුව මෙම විග්‍රහයෙන් යෝජිත ආකාරයට, ශ්‍රී ලංකාව, දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී නමුත් ඒකාධිපති ප්‍රවණතා පෙන්නුම් කරන දෙමුහුන් පාලනයක් පවත්නා රටවල් අතර ස්ථානගත වී ඇත.

දූෂණය පිටු දැක ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස තහවුරු කිරීම සඳහා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය, සියලු රජයන් වෙත පහත දැක්වෙන ඉල්ලීම් යොමු කර සිටියි.

  • දේශපාලන බලය සංවරණය සහ තුලනය කිරීමේ වගකීම සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ශක්තිමත් කර ඒවා බලපෑම් සහ බාධාවන්ගෙන් තොරව නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සහතික කිරීම;
  • දූෂණ විරෝධී නීති සහ එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම අතර පවත්නා පරතරය දුරු කිරීම;
  • දේශපාලන ක්‍රියාකාරකම් සහ රාජ්‍ය වියදම් පිළිබඳ දේශීය වශයෙන් අධීක්ෂණය කරන සිවිල් සංවිධාන සවිබල ගැන්වීම;
  • මාධ්‍ය ආයතන වල ස්වාධීන පැවැත්මට සහය දීම සහ මාධ්‍යවේදීන් හට බියෙන් සහ හිරිහැර වලින් තොරව වාර්තාකරණය සිදු කළ හැකි පරිසරයක් සහතික කිරීම.

රටවල් 180 ක රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂිත ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වසරේ දූෂණ විරෝධී  සංජානන දර්ශකය ගණනය කිරීමේදී, සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13 ක් යොදා ගනු ලැබූ අතර, ඉන් ලැබුණු ප්‍රථිපල අනුව, පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 88 සහ 87 අගයන් ලබා ගනිමින් ප්‍රථම සහ දෙවන ස්ථාන වල රැඳී සිටින අතර ලකුණු 10 ක අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි.

_______________________

அரசியல் தாக்கங்களினால் ஊழல் எதிர்ப்பு பொறிமுறை ஆபத்தான நிலையை நோக்கி – 2018 ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஊழல் கிரகிப்புச் சுட்டி

ஊழலுக்கெதிரான உலகளாவிய கூட்டமைப்பான ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் நிறுவனத்தினால் வருடாந்தம் வெளியிடப்படும் ஊழலுக்கெதிரான தரப்படுத்தல் சுட்டியின் படி, 2018ம் ஆண்டில் தெளிவானதொரு முன்னேற்றத்தை வெளிப்படுத்துவதற்கு இலங்கை தவறியுள்ளது. 2017ம் ஆண்டு தொடக்கம் 38 புள்ளிகளை தக்கவைத்துக்கொண்டு அதே இடத்திலுள்ளது. 0 (அதிக ஊழல் நிறைந்த) தொடக்கம் 100 (மிகவும் சுத்தமானது ஊழலற்றது) என்ற அடிப்படையில் நாடுகள் தரப்படுத்தப்படும் அதேவேளை 180 நாடுகளில் இலங்கை 89வது இடத்திலும் தென்னாசியாவில் 3வது இடத்திலும் உள்ளது. இது உலகளாவிய தரப்படுத்தலில் 25வது இடத்திலுள்ள பூட்டான் மற்றும் 78ஆவது இடத்திலுள்ள இந்தியா ஆகிய நாடுகளையும் விட பின்தங்கியுள்ளது. இலங்கை அரசாங்கம் ஊழலுக்கெதிராக செயற்படுவதாக உறுதியளித்த போதிலும் ஊழலுக்கெதிரான செயற்பாடுகளில் ஓர் தளம்பல் நிலையிலேயே உள்ளது. இது 2013ம் ஆண்டிலிருந்து CPI சுட்டியில் 36 ற்கும் 38ற்கும் இடைப்பட்ட தளம்பல் நிலையையே காட்டுகிறது.

TISL நிறைவேற்றுப் பணிப்பாளர் அசோக்க ஒபேசேக்கர 2018ம் ஆண்டின் CPI பற்றி கருத்து கூறும் போது பொதுத்துறையில் ஊழல் அதுபற்றி கையாளக்கூடிய சட்ட பொறிமுறை உரிய நேரத்தில் நீதியை நிலைநாட்டுவதற்கான விருப்பு அல்லது செயன்முறை என்பவை இலங்கையைப் பொறுத்தவரை பின்னடைவையே காட்டுகிறது. சகல பொது அதிகாரசபைகளும் பக்கச்சார்பின்றியும் சுதந்திரமாகவும் செயற்பட வேண்டியது அவசியம். சட்டத்தைப் பயன்படுத்தும்போது பக்கச்சார்பாகவோ அரசியல் நோக்குடனோ செயற்படின் அது ஊழலுக்கெதிரான பொறிமுறைக்கும் நீதி முறை கட்டமைப்புக்கும் பாரதூரமான பாதிப்பை ஏற்படுத்தும்.

ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் குறிப்பிட்டதன்படி, ஒரு நாட்டில் நிலவுகின்ற ஊழல் மட்டம் மற்றும் அந்நாட்டில் நிலவுகின்ற ஜனநாயகத்திற்குமிடையில் தொடர்புள்ளதாகவும் குறிப்பிடப்படுகின்றது. முழுமையான ஜனநாயகமுள்ள நாடுகள் அண்ணளவாக 75 புள்ளிகளை CPI யில் பெற்றதுடன் ஓரளவு ஜனநாயகம் உள்ள நாடுகள் அண்ணளவாக 49 புள்ளிகளையும் கலப்பு முறை (Hybrid regime) யை கொண்ட நாடுகள் 35 புள்ளிகளையும், எதேச்சாதிகாரமான ஆட்சியுள்ள நாடுகள் 30க்கு குறைவாகவும் பெற்று CPI யில் இடம்பெற்றுள்ளது. CPI பெறுபேறானது இலங்கையைப் பொறுத்தமட்டில் ஒரு சரிந்துபோகும் ஜனநாயகம் மற்றும் கலப்பு ஆட்சிக்கான (Hybrid regime) போக்கை காட்டுகிறது.

ஊழலுக்கெதிராக செயற்படுவதற்கும் உலகில் ஜனநாயகத்தை நிலைநாட்டவும் ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் சகல அரசாங்கங்களையும் பின்வருமாறு கோருகிறது.

•அரசியல் ரீதியிலான அதிகாரத்திலிருந்து நடுநிலையாக செயற்படுவதற்காக நிறுவன ரீதியான வலுவூட்டலும், அச்சுறுத்தலின்றி செயற்படுத்துவதையும் உத்தரவாதப்படுத்தல்.

•ஊழலுக்கெதிரான சட்டம் அதன் பயன்பாடு நடைமுறைப்படுத்தல் போன்றவற்றில் உள்ள இடைவெளியை நீக்குதல்.

•குறிப்பாக உள்;ர் மட்டத்தில் அரசியல் செயற்பாடுகள் மற்றும் அரசாங்க செலவீனங்களை கண்காணிக்கும் சிவில் சமூக அமைப்புக்களை வலுவூட்டல்.

•சுதந்திரமான ஊடங்களுக்கு ஆதரவளித்து ஊடகவியலாளர்களின் பாதுகாப்பு மற்றும் அச்சுறுத்தல் அல்லது தொந்தரவு இல்லாமல் பணியாற்றும் நிலையை உறுதிப்படுத்தல்.

2018 CPI, 180 நாடுகளில் 13 வகையான மதிப்பாய்வுகளின் அடிப்படையில் கணணியூடாக செய்யப்படும் நிபுணத்துவ அறிக்கையாகும். இதில் டென்மார்க், நியூசிலாந்து 88 மற்றும் 87 புள்ளிகளைப் பெற்று 1வது மற்றும் 2வது இடத்தைப் பெற்று கொண்டதுடன் சோமாலியா 10 புள்ளிகளைப் பெற்று 180வது இடத்திலுள்ளது.

 

Leave a comment

This website uses cookies to improve your web experience.